කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ජාතික හදබිම අධිකාරිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබයි. පැල කට්ටල ලක්ෂයක් බෙදා දීමේ වැඩ සටහන හෙට දින මහනුවර කුණ්ඩසාලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
මේ යටතේ පොල්, අනෝදා, බෙලි, දිවුල් , කටු අනෝදා, කරපිංචා ආදි ඒ ඒ ප්‍රදේශවල වැවෙන සුදුසු පලතුරු පැල පහකින් (05)කින් සමන්විත කට්ටලයක් බැගින් ලබා දීමට පියවර ගැනේ.
මෙම වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය අද (14) පෙරවරු 9.00ට ආරම්භ වෙයි.