නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා බාර ගැණේ

    ජූනි 13, 2018

    සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම්  ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා බාර ගැණේ.

    මෙම ජුලි මස 25 දා දක්වා නාමයෝජනා බාර ගැනීම සිදු කරන  බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂසණ නියෝජිතායතනය (ICTA) පවසයි.

    මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ අටවන වතාවට වන අතර  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂකණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.

    රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුබසාධනය ,ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය,සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම , ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ නාම යෝජනා බාර ගැණේ.

    මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.

    ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඉදිරි දැක්ම යථාර්තයක් කර ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන මානව සම්පත සුදානම් කර ගැනීම සඳහා ජාතික මට්ටමින් මෙවැනි  සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීම මහගු රුකුලක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

    ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් මේ සඳහා ඉදිරිපත් කෙරෙන නිර්මාණයන් විනිශ්චය කරන අතර මේ වන විට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ විශාල උනන්දුවක් පවතින බවද නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි.

     www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 112369099 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිවිස්තර දැන ගතහැකි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya