හැටන්,දික්ඔය, මස්කෙලිය,නුවරඑලිය,නාවුල,පල්ලේපොළ,සහ ගලහ ආදි ප්‍රදේශ ගණනාවක විදුලිය සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතත් තවත් නිවාස 10,000 – 15000 ක් අතර ප්‍රමාණයකට තවමත් විදුලිය ලැබී නැතැයි ද ඒවා ද දැන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරගෙන යන බවද එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා රජයේ නිල පුවත් වෙඩ් අඩවියට පැවසිය.
නව ලක්ෂපාන බලාගාරයේ සිට බලංගොඩට විදුලිය ගෙන යනඅධිවේගි විදුලි රැහැන් පද්ධතියේ බිඳවැටීමක්ද සිදු වු නමුත් එය දැන් අලුත්වැඩියා කොට විදුලිය සැපයුම යථා පරිදි සිදු කරගෙන යන බවද ඒ මහතා කිය.