රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, භූමිතෙල් ගැටලුව පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී කරන ලද සාකච්ජාව සහ මුදල් අමත්‍යවරයා ඇතුළු මහා භාණ්ඩාගාර ඉහළ නිලධාරීන් සමඟ සිදු කළ අඛණ්ඩ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස භූමිතෙල් මිල පහත දැමීමට හැකි වූ බවය.
ඒ අනුව ලබන සදුදා සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70 ත් 80 ත් අතර මුදලකට ලබාගැනීමට මෙරට ජනතාවට හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළ බව වර හා ජලජ සම්පත් සංවර්ධන සහ
ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.