මේ අනුව, ජුනි 8 වන දින පෙරවරුවේ රුක් රෝපණ වැඩසටහනක්, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට සම්බන්ධ වන, අකුරේගොඩ පාර දෙසට ඉදිකරන ලද, නව මාවත දෙපස ක්‍රියාත්මක කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ හා
අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන යටතේ මාවත දෙපස නා පැළ, කුඹුක් හා මී පැළ 200 ක් රෝපණය කිරීමට කටයුතු කරන ලදී.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, මාර්ස් ක්‍රීඩා ආයතනය යන රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි දායකත්වය ලැබුණු අතර මධ්‍යම පරිසර අධිකාරියේ
නිලධාරීන් විශාල පිරිසක් ද ඊට සහභාගී වූහ.
ජුනි 5 වන දිනෙන් ආරම්භ වූ ලෝක පරිසර දිනය මෙන්ම ඊට සමාන්තර සෙසු ජාත්‍යන්තර දිනයන්ද පරිසර සංරක්ෂණය යන පොදු තේමාව යටතේ සැමරීමට කටයුතු කරන බවත්, අප හමුවේ තිබෙන පරිසර අභියෝග ජය ගැනීම උදෙසා සුවිශේෂි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, මෙම රුක් රෝපණ වැඩසටහනේදී අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිතුමන් අවධාරණය කර සිටියේ, ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය සැමරීම සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ අක්කර 5 ක භූමීයක කොස් පැළ 2000 ක් සිටුවීමට ද කටයුතු කරන බවයි.