නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුස්තකාලවලට පුස්තකාලාධිපතිවරුන් පත්කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට කටයුතු කරනවා

    ජූනි 10, 2018

    සියලුම පුස්තකාලවලට පුස්තකාලාධිපතිවරුන් පත්කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති, සිය සංකල්පයකට අනුව නිර්මාණය වූ ‘2018-2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

    පුස්තකාල තව තවත් විධිමත් කරමින් ඒවායේ මානව සම්පත් තව තවත් වැඩි වර්ධනය කිරීම ද රජයේ අපේකෂාව වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. කියවන සිසුන් තව තවත් උනන්දු කරවමින් ඔවුන් අගය කිරීම තුළ රටේ මහා දැනුම් විප්ලවයක් ඇති කළ හැකි බවත් දරුවන් තුළ කියවීමේ රුචිය වර්ධනය කරවීමේ දැඩි අවශ්‍යතාවය මෙන්ම කියවීමේ වටිනාකම ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සහ වත්මන් රජය විසින් හොඳින් අවබෝධ කරගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    දිවයිනේ පාසල්වල 06 සිට 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙම ‘කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ. පදක්කම් වැඩසටහන සහ ප්‍රාසාංගික වැඩසටහන ලෙස අංශ දෙකකින් එම වැඩසටහන සමන්විතයි. මීට අදාළ චක්‍ර‍ලේඛය සහ උපදෙස් සංග්‍රහය පිළිගැන්වීම මෙන්ම එම වැඩසටහන යටතේ ජයග්‍රාහී සිසුන්ට පිරිනැමෙන රිදී, රන් සහ ප්ලැටිනම් පදක්කම් එළි දැක්වීම ද අද සිදුවුනේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතිනි.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ , අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පුස්තකාල සංවර්ධන අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එච්.එන්. නන්දසිරි යන මහත්වරුන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya