අමාත්‍යවරය මේ බව පැවසුවේ,මීගමුව අපජල කළමනාකරණ ව්‍යාපෘතියාඅරම්භ කරමින් මීගමුව වෙරළ උද්‍යානයේ පැවැති උත්සවයට සහභාගී වෙමිනි.
නගරාශ්‍රිත සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ ජාතික ජල සම්පාදන හ ජලාපවාහන මණ්ඩලය විසින් රජයේ සහ විදේස් ආධාර යටතේ රුපියල් බිලියන 20ක වියදමින් මෙම ව්‍යාපෘතිය ඉදිකෙරේ.
මෙවැනි අපජල කළමනාකරණ මධ්‍යස්ථානයක් මුලින් ම ඉදිකිරීමට අඳහස් කළේ,කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරයේ බවත් එහෙත් මහජන විරෝධය හේතුවෙන් අත්හිටුවීමට සිදු වූ බවත් එයට හේතුව මෙම ව්‍යාපෘතිය පිළිබඳව ජනතව තුළ පවතින වැරදි මතය බවත් අමාත්‍යවරය සඳහන් කළේ ය.
''අපි සාර්ථකව කුරුණෑගල අපජල කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කළා.කුරුණෑගල රෝහලත්,අවට නිවාසවලින් පිටවන අපද්‍රව්‍ය අපජලය පිරිසිදු කොට මුදා හරීම සිදු වෙනවා.මුලින් මෙයට වෛද්‍යවරු විරුද්ධ වුවත්, දැන් එසේ නෑ. දැන් අවට කිසිදු දුගඳක් නෑ.පරිසරයට හානියක් නෑ.මෙම අපජල ව්‍යාපෘතිය කුරුණෑගල ජනතාවට සහ
පාසල් දරුවන්ට නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස මා ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දුන්නා.ඉන් මහජනතාවට නිවැරැදි අවබෝධයක් ලබාගැනීමට හැකියව ලැබේවි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
මීගමුවේ සංචාරක හෝටල් හා ආපනශාලා මඟින් බැහැර කෙරෙන අපද්‍රව්‍යය මුහුදට ගලායැමෙන් සිදුවන පරිසර හානිය මෙමඟින් වළක්වාගත හැකි බවද මේ සඳහා හෝටල් හිමියන්ගේ සහ මහජනතාවගේ සහාය ලැබීම පිළිබඳ තමන් සතුටුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.