නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ෆ්ලුවෙන්සා වෛරසය, ඇඹිලිපිටියේ ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර

    ජූනි 08, 2018
    ඉන්ෆ්ලුවෙන්සා වෛරස තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට මෙන් ම මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය එන්නත් ඇතුළු ඖෂධ ඇඹිලිපිටිය රෝහල ඇතුළු අනෙකුත් රෝහල් වෙත කඩිනමින් ලබාදෙන ලෙස  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ට තමා උපදෙස් ලබාදී ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළාය.
     
    පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඊයේ (07)ඇඹිලිපිටිය රෝහලේ  ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් පිළිබඳ ව සොයා බැලීමට ගිය අවස්ථාවේදී ඒ මහත්මිය මේ බව සඳහන් කොට ඇත.
     
    ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදී ඇතැයි සැක කෙරෙන 30 දෙනෙකු පමණ ඇඹිලිපිටිය රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ යැයි ද ඊට අමතර ව තවත් රෝගීන් පිරිසක් එම රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එච්.එස්. ධර්මතිලක මහතා ආණ්ඩුකාරවරියට සඳහන් කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya