මෙම කමිටුව විසින් පසුගිය දින කිහිපය තුළ එප්පාවල පොස්පේට් නිධිය මඟින් T.S.P. පොහොර නිපදවීම කාර්යක්ෂම කිරීම සඳහා වන කරුණු පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කළේ ය. ඒ අනුව සකස් කළ අවසන් වාර්තාව ඉදිරි සතිදෙක තුළ තමන් වෙත ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විද්වත් කමිටුවට උපදෙස් දෙනු ලැබී ය. කමිටුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කළ වහාම එප්පාවල පොස්පේට් පොහොර නිපදවීමේ කටයුතු ඇරඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා විද්වත් කමිටුවේ නිලධාරීන්ට ප්‍රකාශ කළේ ය.
මෙම අවස්ථාවට සහභාගි වූ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වන සම්මානිත මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා කියා සිටියේ පසුගිය කාලයේ පැවති සෑම රජයකින් ම මේ සම්බන්ධව ඉල්ලීම් කළ ද ඒවා ඉටු නොවූ බවයි. එම රජයන් විසින් රු.මි.900ක මුදලක් ලබා දුන්නා නම්, මේ වන විට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර අප රටේම නිපදවීමට හැකිවනු ඇති බව හෙතම කීය. නමුත් වර්තමානයේ පොහොර සහනාධාරය සඳහා රජයට පොහොර ආනයනය කිරීම වෙනුවෙන් වාර්ෂිකව රු.මි. 33,000ක් වැය කිරීමට සිදුව ඇත.
එවකට පැවති රජයන් මෙම රු.මි.900 ලබා නොදුන් නිසා, වර්තමානයේ රු.බි.200ත් 300ත් අතර මුදලක් එප්පාවල පොස්පේට් ආදී නව පොහොර නිෂ්පාදන වැඩපිළිවෙල ඇරඹීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට වැය කිරීමට සිදුව ඇතිබවත් මහාචාර්යවරයා සඳහන් කළේ ය.
එප්පාවල පොස්පේට් නිධියේ සුවිශේෂත්වය වන්නේ එය ලෝකයේ තිබෙන කැඩ්මියම් රහිත හොඳම පොස්පේට් නිධිය වීමයි. වර්තමානයේ දිවයිනේ පළාත් කිහිපයක වකුගඩු රෝගය බහුලවීමට එක් හේතුවක්ව තිබෙන්නේ කැඩ්මියම් බහුල රසායනික පොහොර ආනයනය කර ඒවා ගොවිතැනට යෙදවීම නිසා ය. එමෙන්ම ඒප්පාවල පොස්පේට් පොහොරවල අඩංගු පොටෑසියම් සහ සල්ෆර් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින නිසා එම ගුණාත්මකභාවයෙන් ඉහළ තත්ත්වයක පවතී. එප්පාවල පොස්පේට් පොහොර ලොකයේ හොඳම පොහොරයි.
මෙහි දී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, වාර්ෂිකව අපට අවශ්‍ය T.S.P. පොහොර මෙ.ටො. ලක්ෂ දෙකක ප්‍රමාණය අප රටේම නිපදවීමට කඩිනමින් ම මෙම ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කරන බවයි.
මෙම අවස්ථාවට විද්වත් කමිටුවේ සභාපති කෘෂිකර්ම රාජ්‍ය ලේකම් ඩී.වී.බන්දුලසේන මහතා ඇතුළු සියළුම සාමාජිකයින් සහභාගි වූහ.