වසර 2023 දී සිදු කිරීමට නියමිත මීළඟ පාසල් විෂය මාලා සංශෝධනයේ දී අ.පො.ස සා.පෙළ විභාගය දක්වා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂය අනිවාර්ය විෂයක් ලෙස පාසල් තුළ ඉගැන්විය යුතු බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවද මෙහිදී සැළකිල්ලට ගත යුතු බවද ඇමති මණ්ඩලය සදහන් කොට තිබේ.
මෙරට මුළු ජනගහනයෙන් සියයට 72.5 % ක් පමණ එළවළු හා පළතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොගන්නා බවත් කාන්තාවන්ගේන් සියයට 44%ක් පමණ ප්‍රමාණවත් පරිදි කායික ව්‍යායාමයන්හි නොයෙදෙන බවත් හෙළි වී ඇත.
මෙම තත්ත්වය මග හරවා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජිවන රටාවක් ගත කිරීම සදහා සෞඛ්‍ය පිළිබද මනා දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය වේ. වර්තමානයේ පාසල් විෂය නිර්දේශය තුළ සෞඛ්‍ය විෂය අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වෙන්නේ 6 වසරේ සිට 9 වසර දක්වා පමණි. අ.පො.ස සා.පෙළ විභාගය සඳහා එම විෂය අනිවාර්ය නොවේ. එබැවින් සෞඛ්‍ය විෂය අ.පො.ස සා.පෙළ විභාගයේ අනිවාර්ය විෂය කළ යුතු යැයි ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවේ සදහන් වේ.