බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වීමට යන මෙම සමුළුවේ දී තර්ජනයට ලක් වී ඇති සතුන් හා ශාඛ වෙළඳාම වළක්වා එම සතුන් හා ශාඛ ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් ඇති කිරිම ගැන වැදගත් තීරණ ගණනාවක් ගැනීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසීය.
මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ජිනීවාහි පිහිටි CITES මහලේකම් කාර්යාලය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුමට ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී අත්සන් තබා එය ජිනීවා නුවරට යැවීම සඳහා (CITES) හි ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ චන්ද්‍රසේන මාලියද්ද මහතා වෙත භාර දුන්නේය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඇමතිවරයා, සම්මුතියේ සාමාජික රටවල ඇමතිවරුන්, ප්‍රභූන් , රාජ්‍ය නිලධාරින් , පරිසරවේදින්, මාධ්‍යවේදින් ,රාජ්‍ය නොයන සංවිධාන නියෝජිතයන් ඇතුළු 4000ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙම සමුළුව සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට විශාල රුකුලක් වනු ඇතැයි කීය. එමගින් මෙරටට ආයෝජන අවස්ථා වර්ධනය කර ගත හැකි බවද ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
තමා වනජීවී ඇමති වශයෙන් සිටියදී 2016 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ පැවති (CITES) සමුළුවට ශ්‍රී ලංකාවෙන් තමා සහභාගී වූ බවත් වසර 3කට වරක් පැවැත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත් වීමට කටයුතු කළේ තමා බැවින් ලබන වසරේ මෙරට පැවැත් වෙන සමුළුවේ කටයුතු කැබිනට් මණ්ඩලට විසින් තමාට පවරා ඇති බවත් ඇමතිවරයා තවදුරටත් කීය.
බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ සහ සමුළුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ විධායක නිලධාරිනී අචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියද මෙහිදී අදහස් දැක් වූහ.