නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර දිනයට සමගාමීව අඹ පැළ 3000ක් බෙදා දෙයි

    ජූනි 05, 2018

    ජගත් පරිසර දිනය නිමිත්තෙන් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අඹ පැළ තුන්දහසක් බෙද දීමේ වැඩසටහනක් අද(05) දින මිහින්තලා රජ මහා විහාරස්ථාන භූමියේදී සිදු කෙරේ.

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය මගින් අපනයන පැළ දස කෝටියක් රට පුරා සිටුවීමේ  ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙනි.මේ අනුව උතුරු මැද පළාතේ සියලුම පොලිස් ස්ථානවලට, ආගමික ස්ථානවලට සහ සියලු පාසල් වලට අඹ පැළ බෙදා දෙනු ඇත.

    මේ නිමිත්තෙන් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන පරිශ්‍රෙය්දී අද සවස 3.00ට උත්සවයක් පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya