අමාත්‍යවරයා මේ බව පැවසුවේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉදිකරන ලද බලපිටිය රේවත ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා, නව මැතිවරණ ක්‍රමය සම්බන්ධව ගැටලු රැසක් පවතින බවට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන මෙන්ම විවිධ බුද්ධිමතුන් කරුණු දක්වා ඇති බවත් පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාකච්ඡාවේ දී ද ඒ පිළිබඳව සාකාච්ඡා කළ අතර පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව එහිදී සාකාච්ඡා වූ බවත් අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.
නව මැතිවරණ ක්‍රමය යටතේ බහුතර බලය ලබා ගත් කිසිදු පක්ෂයකට ස්වාධීනව බලය පිහිටුවීමට නොහැකි තත්ත්වය ඇතුළු ගැටලු රැසක් මතුවී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය සංශෝධන සිදු කෙරෙන තුරු පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.