නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මුලතිව්හි දී මහජන අඳහස් විමසයි

    ජූනි 02, 2018

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මහජන අඳහස් විමසීමේ රැස්වීම අද (02) මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වීය.

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෙසු කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් මහජන අඳහස් විමසීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

    මහජන අඳහස් විමසීම මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


    ජනතාව සමඟ මෙම සංවාද වැඩපිළිවෙල මන්නාරම සහ මාතර යන දිස්ත්‍රික්ක මුල්කර ගනිමින් මැයි මාසයේ දී දියත් කරන ලදී. කොමසාරිස්වරු හත්දෙනාම,අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් අතුරුදහන් වූවන් පිළිබඳ කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරිකයින් මෙන් ම ජනමාධ්‍ය සමඟ ඉදිරි සැලසුම් සහ ක්‍රමවේදයන් පිළිබඳව අඳහස් ඉදිරිපත් කිරීමත් ඒ සම්බන්ධයෙන් ජනතා අඳහස් විමසීමක් ද අපේක්ෂා කළ බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි.

    වැඩසටහන් විස්තරය පහත දැක්වෙයි -LINK

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ රැස්වීම

    athurudahan

     

    athurudhahan

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya