නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදි ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය පුළුල් කෙරේ

    මැයි 31, 2018

    මුල්වරට නිවාසයක් මිලදී ගනු ලබන මැදි ආදායම්ලාභීන්ට පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘති වෙතින්ද නිවාස මිලදී ගැනීම සඳහා ඉඩ සළස්වමින් මැදි ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය පුළුල් කිරීමට රජය තීරණය කොට ඇත.

    මෙම නිවාස ණය යෝජනා ක්‍රමය 2018 අය වැය යෝජනාවක් මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට තිබුණත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන මැදි ආදායම් ලාභී නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස මිලදී ගැනීම සදහාය.

    එහෙත් ප්‍රමාණවත් ඉඩම් ලබා ගැනීමේ දුෂ්කරතා සහ ඉදි කිරීම් සඳහා කල්ගත වීම හේතුවෙන් එකී නිවාස ව්‍යාපෘති මගින් නිවාස ඉල්ලුම කඩිනමින් සපුරා ලීම අපහසු බව පෙනීයාම නිසා පෞද්ගලික අංශයෙන් නිවාස මිලදී ගැනීමට මැදි ආදායම්ලාභීන්ට ඉඩ දිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya