ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සහභාගි වී සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (30) දිවයිනට පැමිණියේය. එහිදී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා ඇතුලු විශාල පිරිසක් මල්මාලා දමමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගත් අතර, ඉන් පසු මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සඡ්ඡායනා කරන ලදි.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට මම තේරී පත් වූයේ පසුගිය වසරේ දීයි. එහි සාමාජිකයින් සංඛ්‍යාව 35 ක්. මෙම වසරේ ජීනිවා නුවර පැවැති නිලවරණයේ දී සභාපතිවරයා සහ උප සභාපතිවරුන් තෝරා පත් කර ගැනීම සිදු කෙරුනා. එහිදී දකුණු සහ නැගෙනහිර ආසියානු රටවලින් උප සභාපති ධූරයට මාගේ නම යෝජනා කළ අතර, මම නිතරගයෙන් තේරී පත් වුනා. එය ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගත්තා. පසුගිය වසර කිහිපය තුල ලෝක සෞඛ්‍ය සංවිධානය සමග කළ සේවාවට ගෞරවයක් ලෙස මෙම තනතුර ලැබුනා. පසුගිය දිනවල පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයේ දී බෝනොවන රෝග පිළිබද කොමසාරිස් වරුන්ගේ සම්මේලනයක් පැවැත් වුනා. එහි සම සභාපතිත්වය මට ලබාදුන්නා.
එහිදී බෝනොවන රෝග වලට බලපාන සීනි භාවිතය පිළිබදව ප්‍රබල රාජ්‍යයන් විරුද්ධත්වය පළ කළත් මම ප්‍රකාශ කළේ බෝනොවන රෝග සදහා සීනි භාවිතය ද හේතු වන බවයි. ප්‍රබල රාජ්‍යයන් ලුණූ සහ මේදය පිළිබදව පමණක් කරුණු ඉදිරිපත් කළා. ප්‍රබල රාජ්‍යයන් සෞඛ්‍යයට වඩා කර්මාන්ත පිළිබදව තමයි පෙනී සිටියේ. නමුත් මමත්, තවත් රටක කොමසාරිස් වරයෙකුත් බෝනොවන රෝග සදහා සීනි ඉවහල්වන බව පෙන්වා දුන්නා. මම සම සභාපතිත්වය හෙඹවූ නිසා ප්‍රථම වරට බෝනොවන රෝග වලට හේතුවන කාරකයක් ලෙස සීනි භාවිතය ප්‍රතිපත්තිමය ලියවිල්ලට ඇතුලත් කළා. තව ද මට ලැබුන මෙම තනතුර සෞඛ්‍ය සේවාව සදහා ආයුධයක් කර ගන්නා විනා ආභරණයක් කර නොගන්නා බවත් ප්‍රකාශ කළ යුතුයි.”
“මව්කිරි භාවිතය ඉවත් කිරීම පිළිබදව ද ප්‍රබල රාජ්‍යයන් විශාල හඩක් නැගුවා. ඔවුන් උත්සාහ කළේ මව්කිරි භාවිතයෙන් ඉවත් කිරීමටයි. නමුත් මම එම සැසිවාරයේ දී ඊට එරෙහිව කථා කළා. එහිදී ප්‍රකාශ කෙරුනේ එක් රටක් හෝ විරුද්ධ වන්නේ නම් එය ප්‍රතිපත්තියක් ලෙස පිළිනොගන්නා බවයි. ඇමරිකා එක්සත් ජනපදය මව්කිරි භාවිතය ඉවත් කිරිම සදහා ප්‍රබල හඩක් නැගුවා. මම පෙන්වා දුන්නා 1981 වසරේ දී මව්කිරි භාවිතය පළමු වරට ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා අවස්ථාවේ දී ද ඇමරිකා එක්සත් ජනපදය ඊට විරුද්ධ වූ බවයි. අද වෙනත් මතයක් ඉදිරිපත් කරනවා.
තව ද ඡන්දයෙන් ප්‍රතිපත්තිය තීන්දු කරන්න බැහැ කියලා ඔවුන් ප්‍රකාශ කළා. මම විමසා සිටියා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සැසිවාරයේ දී පලස්තීනය පිළිබද ඡන්ද විමසීමක් පැවැත්වූයේ ඇයි ද යනුවෙන්. දේශපාලන කරුණකට ඡන්ද විමසීමක් පැවැත්වූ මොහොතක සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙනුවෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන්නා. ඉන් පසු පැයක කාලයක් තුල ඇමරිකා එක්සත් ජනපදය සිය යෝජනාව ඉවත් කර ගත්තා. ඉන් පසු මව්කිරි භාවිතය තවදුරටත් ඉදිරියට පත්වාගෙන යාමට තීන්දු කළා.”
“ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවාව තුල ජයග්‍රහණ රැසක් හිමිකර ගෙන තිබෙනවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව ජනතාවට ශ්‍රී ලංකාව සේවාවන් සපයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගෙන තිබෙනවා. මට මෙම තනතුර වසරක කාලයක් සදහා ලබා දී තිබෙනවා. එමගින් කිසිවෙකුගේ බලපෑමකට යටත් නොවී සියලු දෙනා වෙනුවෙන් හොද සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ගෙනඒමට කටයුතු කරනවා. මෙම තනතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන ඉතිහාසය තුල ශ්‍රී ලංකාවට ලැබුන ප්‍රබල තනතුරක්. එය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කිරීමත් සමග දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ලොවම පිළිගෙන තිබෙනවා.”
මෙහිදී මාධ්‍යවෙදීන් දකුණූ පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියහ.
“දකුණූ පළාතේ පැතිර යන්නේ වෛරස් රෝගයක්. එය රෝගී කළමණාකරණය තුලින් අවම කර ගන්න පුළුවන්. දේශපාලනඥයින් කුමන ප්‍රකාශ කළත් ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ජන ජිවිතය හා බලපාන මෙම ප්රශ්නය දෙස මම ජිනීවා නුවර සිට ද සොයා බැලුවා. රජයේ රෝහල්වල දැඩිසත්කාර ඒකක තුල ඉඩකඩ ප්‍රමාණවත් නොවන්නේ නම් පෞද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක තුල ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කරන ලෙසට ම උපදෙස් ලබාදුන්නා. නීති රීති දෙස නොබලා ජන ජීවිතයට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන්නා. කරාපිටිය ශික්ෂණ රෝහලට හයිෆෝ ඔක්සිජන් යන්ත්‍ර 10 ක් ලබාදුන්නා. කරාපිටිය ශික්ෂණ රෝහල තුල විශාල සංවර්ධනයක් සිදුවනවා. මාධ්‍ය මගින් ඉදිරිපත් කරන ආකාරයට මෙහිදී රෝගීන් මියගොස් නැහැ. වෛද්‍ය, හෙද ක්ෂේත්‍ර වල හිගයක් පැවැතුනත් අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා.”
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්, රාජ්‍ය ආයතන සභාපතිවරු, කළමණාකාර අධ්යක්ෂවරු, අධ්යක්ෂවරු, රෝහල් අධ්යක්ෂවරු, වෘත්තීය සමිති නායකයින්, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව එක්ව සිටියහ.