නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය දේපළවලට හානි කිරීම ගැන රහස් පොලීසියට පැමිණිල්ලක්

    මැයි 30, 2018

    දුම්රිය සේවක වැඩ වර්ජනයක් පවතින අවස්ථාවේ දී දුම් රිය දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධව අද (30) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ බවත් එහිදී ගනු ලබූ තීරණයක් අනුව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් සහ දුම් රිය සාමාන්‍යාධිකාරී විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

    රාජ්‍ය දේපළවලට හානි කිරීම අධිකරණයේ දී ඇප ලබාදිය නොහැකි වරදක් බවත් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ අයට තරාතිරම නොබලා නීති මඟින් මෙන් ම දෙපාර්තමේන්තු මට්ටමින් පියවර ගන්නා බව
    ද අමාත්‍යවරයා සඳහන් කළේ, බත්තරමුල්ලේ පිහිටි, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    එසේම දුම් රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් සියලු දෙනාගේ ම නිවාඩු අවලංගු කර ඇති බවත් වර්ජනයේ යෙදී සිටින ඇතැම් අය සේවයට පැමිණෙන සේවකයින්ට තර්ජනය කරන බවත් පැමිණිලි ලැබී
    ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    දුම් රිය වෘත්තීය සමිති ඉල්ලා තිබෙන ඉල්ලීම් තුනකට ප්‍රවාහ අමාත්‍යාංශය විසඳුම් ලබා දී ඇත. දුම් රිය සේවක වැටුප් විෂමතාවය පිළිබඳව සොයාබැලීමට පත් කළ සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත්  කොමිටියක් සිකුරාදා (01) හමුවීමට වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබා දී ඇත.

    දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇති අතර එය ක්‍රියාත්මක වූ පසු දුම්රිය සේවක ප්‍රශ්න බොහොමයකට විසඳුම් ලැබෙනු ඇතැයි අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. කෙසේ වුවද වර්ජනයේ යෙදී සිටින වෘත්තීය සමිති හෙට(31) ඔවුන්ගේ වර්ජනය අවසන් කොට සේවයට පැමිණෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya