නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය 31දා දක්වා

    මැයි 29, 2018
     
    දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය මැයි මස 31දා දක්වා බලාපොරොත්තු විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    එමෙන් ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක.
     
    දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.
     
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya