නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර හෙද හිගයට විසදුමක්

    මැයි 28, 2018
    උතුරු නැගෙනහිර රෝහල්වල පවතින හෙද හිගය මගහැරවීම සදහා උසස් පෙළ විභාගය ඕනෑම විෂය ධාරාවකින් සමතුන් හෙද සේවයට එම පළාත් දෙකෙන් පමණක් බදවා ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
    ඒ අනුව 2015/2016/2017 වසර වල උසස් පෙළ විභාගයට ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට සුදුසුකම් ලත් අයට හෙද සේවාව සදහා ඉදිරියේ දී අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. මෙම තීරණය කොළඹ දිස්ත්‍රික්කයට ද බලපාන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
     
    මෙම තීරණයට අමාත්‍ය මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ද හිමිව ඇත. උතුරු නැගෙනහිර පළාත් වලින් හෙද සේවාවට බදවා ගැනීමේ දී ලැබෙන ඉල්ලුම් පත් සංඛ්‍යාව අවම වීම සහ එම පළාත් වලට පත්වීම් ලබන හෙද හෙදියන් මුහුණ දී ඇති ගැටලු දෙස අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. 
    තවද මේ පිළිබදව උතුරු නැගෙනහිර මහජන නියෝජිතයින් ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර ඇත.
     
    දැනට දිවයින පුරා හෙද හෙදියන් 31000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර, දැනට රෝහල්වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව 7000 කට අධික බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya