නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ අඩුවීමක්

    මැයි 27, 2018

    දිවයිනේ නිරිත දිග කොටසේ තද වැසි සහිත කාලගුණ තත්ත්වය අද දින සිට තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන අතර දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වේ.

    සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 පමණ තරමක තද වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya