එම විහාරස්ථානයේ රඳවා සිටින පවුල් ගණන 16 ක් වන අතර නායයාමේ අවදානම් කලාපවල ජනතාව මෙලෙස රඳවා සිටිති.
කෙසේ වෙතත් අදාළ විහාරස්ථානයේද නිසි පහසුකම් නොමැති බැවින් ඔවුන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාවලපිටියේ පිහිටි නිවාස පෙළක තාවකාලිකව පදිංචි කරවීමට පියවර ගන්නා බවයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ.
අමාත්‍යවරයා මහනුවර දිස්ති‍්‍රක්කයේ ආපදා අවදානම් කළාපවල සංචාරයක නිරත වූ අතර එම අවස්ථාවේ නාවලපිටිය ශී‍්‍ර කවීශ්වර විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුර වෙත ගොස් එම ජනතාවගේ සුවදුක් විමසා බැලීමටද කටයුතු කළේය.
එහිදී අගමැතිවරයා හා ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ දුරකථයෙන් සම්බන්ධ වෙමින් මෙම ජනතාව වෙත ස්ථිර නිවාස ඉදිකර දෙන තුරු ඔවුන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නිවාසවල තාවකාලිකව පදිංචි කරවීමේ වැඩපිළිවෙළක් යෝජනා කළේය.
මාස 06 ක් වැනි කාලයක් සඳහා වසා දමා ඇති එම නිවාස මෙම ජනතාව වෙනුවෙන් විවෘත කර දෙන්නැයි රංගේ බණ්ඩාර අමාත්‍යවරයා කළ ඉල්ලීමට නිසි ප‍්‍රතිචාර හිමිවිය. ඒ අනුව එම නිවාස ඉදිරි සතිය තුළදී ඔවුන් වෙත තාවකාලිකව ලබාදීමට හැකිවනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
එමෙන්ම එම ජනතාව වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීම සඳහා ඉඩමක් සොයා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආනන්ද අළුත්ගමගේ මහතා වෙත ද උපදෙස් ලබා දුන්නේය.