ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සමගාමීව පැවැති රෝගී ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සැසිවාරයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩ්දරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “විශ්වීය සෞඛ්‍ය අරමුණු ලගාකර ගැනීමේ දී ගෝලීය ක්‍රියාකාරකම් කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකයි. විශේෂ සෞඛ්‍ය ප්‍රතිලාභ ජනතාවට අඩු වියදමක් යටතේ ලබා දී තිබෙනවා. තව ද එහිදී ගුණාත්මක සහ ආරක්ෂක ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. විශ්වීය සෞඛ්‍ය රැකවරණ රෝගී ආරක්ෂාව යටතේ ඉතාම වැදගත් කරුණක්. ඒ සදහා ශ්‍රි ලංකාවේ රෝහල්වල රෝගී ආරක්ෂණ ඒකක ස්ථාපිත කර තිබෙනවා. ජනතාවගේ බලාපොරොත්තුව ද ගුණාත්මක සහ ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක්. “
“රෝගියාගේ තෘප්තිමත්භාවය සහ ආරක්ෂාව ද ඉතා වැදගත් අතර, ඒ පිළිබදව සියලුම සෞඛ්‍ය ආයතන දැනුවත් කර තිබෙනවා. රෝගීන්ගෙන් තෘප්තිමත්භාවය පිළිබද සංගණනයක් සෑම වසරකම සිදු කරනවා. පසුගිය වසරේ සිට තෝරාගත් රෝහල්වල රෝගී අත්දැකීම් පිළිබද සංගණනයක් සිදු කරනවා. ඩිජිටල් තාක්ෂණය රෝහල්වලට හදුන්වාදෙමින් කාලය ඉතිරි කර ගැනීමට අවස්ථාව උදාකර දී තිබෙනවා. රෝගී සත්කාරක සේවාවේ දී සිදුවන වැරදි වළක්වා ගැනීම සදහා ක්‍රියාකාරී සැළැස්මක් ක්‍රියාත්මකයි. රෝගී ආරක්ෂාව පිළිබද කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඩිප්ලෝමා පාඨමාලාවක් ද හදුන්වා දී තිබෙනවා.
රෝගී ආරක්ෂාව පිළිබද විදේශීය රටවල සෞඛ්‍ය වෘත්තිකයින් 60 දෙනෙක් ශ්‍රී ලංකාවේ දී පුහුණු කර තිබෙනවා. ටැන්සානියාව, උගන්ඩාව, බංග්ලාදේශය, වියට්නාමය, ගානාව, ඉතියෝපියාව යන රටවලට එම සෞඛ්‍ය වෘත්තිකයින් ඇතුලත්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද සහයෝගය මත රෝගී ආරක්ෂාව සම්බන්ධයෙන් කළාපීය සහයෝගීතා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කිරීමට සුදානම්. පර්යේෂණ සංස්කෘතියක් ඇති කළ යුතුයි. රෝගී ආරක්ෂා සම්බන්ධයෙන් රෝහල්වල ක්‍රියාකාරීත්වය නිරික්ෂණය සහ විශ්ලේෂණය කිරීමේ යාන්ත්‍රණයක් ද ශ්‍රී ලංකාව සතු වෙනවා. එය සැළසුම් සහගතව වැඩිදියුණු කළ යුතුයි.