ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ 04 වන සැසිවාරය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පසුගියදා පැවැති අතර, එයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - කිසියම් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය හා දිවිපැවැත්ම සදහා සමබල ආහාර වේලක් අවශ්‍ය වනවා. දේශීය වෛද්‍ය විද්‍යාවේ ද සමබර ආහාරවේලක වැදගත්කම පෙන්වා දී තිබෙනවා. අධික රුධිර පීඩනය, දියවැඩියාව ඇතුලු රෝග රැසකට ආහාර හේතු වී තිබෙනවා. මත්පැන් පානය සහ දුම්පානය ද ඒ අතර ප්‍රධාන වෙනවා. මත්පැන් සහ සහ දුම්පානය පාලනය කිරිම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා මත්පැනට සහ දුම්පානයට ජනතාව ගොදුරු වූ පසු සමබර ආහාරවේලක් ලබාගැනීමේ හැකියාව අවම වීමෙන් බෝනොවන රෝග වලට ගොදුරු වෙනවා. එම නිසා ජනතාව අකාලයේ මිය යනවා. හදුනා නොගත් වකුගඩු රෝගය ද ප්‍රබල ගැටුවක්. එය කෘෂි කර්මාන්තයට සම්බන්ධයි.
ජනතාව සීනි, ලුණු, මේදය අඩංගු ආහාර භාවිතයෙන් අවම කිරිම සදහා පියවර රැසක් ගෙන තිබෙනවා. මාතෘ හා ළදරු පෝෂණ වැඩසටහන් ද ක්‍රියාත්මකයි. ඒ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරමින්. බටහිර ලෝකය තුලත් සමබල ආහාරවේලකට ප්‍රධාන ස්ථානයක් හිමි ව තිබෙනවා. එම නිසා 20 වන ශතවර්ෂය ආරම්භ වන විටත් පෝෂණවේදය වෘත්තීයමය තත්ත්වයකට පත් කිරිමට බටහිර ලෝකයට හැකි වුනා. වෛද්‍ය පනතට අනුව පෝෂණවේදීන් ලියාපදිංචි කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. තවත් පෝෂණවේදීන් බදවා ගන්නා අතර, ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා. කාර්මීකරණයත් රෝග ව්‍යාප්තවීමට බලපාන තවත් සාධකයක්. ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය වැඩිවෙමින් තිබෙනවා. පෝෂණ වැඩසටහන් රැසක් හදුන්වා දී ඇති අතර, එහිදී ළමා හා මාතෘ වැඩසටහන් යටතේ ත්‍රිපෝෂ වැඩසටහන සුවිශේෂි ස්ථානයක්. මසකට මිලියන 1.2 ක ත්‍රිපෝෂ නිෂ්පාදනයක් සිදු කර ජනතාවට බෙදා දෙනවා. සුපෝෂ ද හදුන්වා දී තිබෙනවා.