පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවෙත ප්‍රකශයක් කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව පැවසී ය.
වැසි සහිත කාලගුණ තත්ත්වය අද සහ හෙට දිනයේත් බලාපොරොත්තු වෙනවා. කළු,නිල්වලා, සහ ගිං ගංඟා වල ජල මට්ටමේ ගංවතුර පැවතුණු ස්ථානවල ජල මට්ටම අඩු වෙමින් පවතී. අත්තනගලු ඔයේ ජල මට්ටම වැඩි වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වුණා.
විපතට පත් පවුල් සංඛ්‍යාව මේ වනවිට 40,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා. 1,53,000කට වඩි පුද්ගලයින් පිරිසක් පීඩාවට පත් වී ඇති බව වාර්තා වෙනවා. මිය යෑම් 20 වාර්තා වී තිබෙනවා. අතුරුදහන් වීම් දෙකක් වාර්තා වෙනවා.
අපදා තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත ස්ථාන 265ක පුද්ගලයින් 55553 දෙනෙකු තාවකාලිකව රඳවා තිබෙනවා. කුකුළේ ගඟ,උඩවලව, ලක්ෂපාන,දැදුරු ඔය,රාජාංගනය,තබ්බෝව යන ජලාශවල වාන් දොරටු අඛණ්ඩව විවෘත
කළා. පහළ වරි ජල මාර්ග අසළ සිටින ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්.ත්‍රිවිධ හමුදා භට පිරිස් 6000කට වැඩි පිරිසක් අඛණ්ඩ සහන සේවා සඳහා යොමු කර තිබෙනවා. කළුතර,කෑගල්ල, ගාල්ල,නුවර එළිය, රත්නපුර දිස්ත්‍රික්කවලට තවමත් ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදන නිකුත් කර තිබෙනවා. අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.