මැයි මස 27 වන දින ඇලපත්ගම පැවැත්වෙන උත්සවයේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ සැමරුම් උත්සවය නිමිත්තෙන් මෙම ඔප්පු ප‍්‍රධානය කිරීමට නියමිතය.
මෙම උත්සවයට කෝට්ටේ සාමග්‍රී සංඝ සභාවේ ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, ඉඩම් හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප‍්‍රාථමික සංවර්ධන අමාත්‍ය දයා ගමගේ, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, වනිතා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර හා අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් සමඟ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ද සහභාගි වීමට නියමිතය.