වත්මන් රජය විසින් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර වගා හානිවීමක දී ගොවිජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කෘෂි රක්ෂණ වැඩපිළිවෙළ යටතේ, මෙතෙක් ගොවිජනතාවට වාර්ෂිකව සාමාජික මුදල වශයෙන් රු. 1,375 ක මුදලක් ගෙවීමට සිදු වී තිබිණි.
ඒ අනුව රජය විසින් කෘෂි රක්ෂණය සඳහා රු. මි. 5,228 ක මුදලක්, 2018 වර්ෂය සඳහා මේ වන විට වෙන්කර තිබේ. මෙම කෘෂි රක්ෂණාවරණය යටතේ වී, ලූණු, මිරිස්, බඩඉරිඟු සහ අර්තාපල් වගා කරන ගොවීන්ට එම ප්‍රතිලාභ හිමිවන අතර, ගොවිජනතාවගේ සුරක්ෂිතභාවය උදෙසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
යල කන්නය සඳහා කෘෂි රක්ෂණාවරණ සහතික පත් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය 2018.05.28 පස්වරු 2.00 ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ යන මහත්වරුන් ඇතුළු රැසකගේ සහභාගීත්වයෙන් හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදු කෙරේ.
ගොවිජනතාවට කෘෂි රක්ෂණාවරණය නොමිලේ ලබාදීම සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.