ඒ සඳහා ගොවිමහතුන් සහ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018.05.27 වන ඉරිදා දින උදෑසන 10.00ට ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද, දහවල් 2.00ට සීගිරිය මහ විද්‍යාලයේ දී ද, පැවැත්වීමට නියමිත ය.
ලොකු ලූනු වගාකරුවන් සඳහා විශේෂ වැඩ පිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබේ. ඒ අනූව ලොකු ලූනු බීජ කි.ග්‍රෑ.1 ක් රු.80 සහතික මිලක් යටතේ ද, රජයෙන් පොහොර සහනාධාරය ලබා දීමට ද, රු. 40,000ක රක්ෂණාවරණයක් ලොකු ලූනු වගා කරන ගොවීන් සඳහා රජය විසින් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මෙම සාකච්ඡාව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය.