මහනුවර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන මෙම මහල් නිවාස යෝජනාක්‍රමය නිවාස 546 කින් සමන්විතය. නිදන කාමර තුනකින් සහ දෙකකින් යුක්ත වන පරිදි සකස් කළ නිවාස දෙවර්ගයක් මෙහි ඉදි කෙරෙන අතර, අවශ්‍යතාවය මත එම නිවාස රජයේ සේවකයන්ට මිළදී ගැනීමට හැකියාව තිබේ. රජයේ සේවකයන්ට ලැබෙන බැංකු ණය පදනම යටතේද මෙම නිවාස ලබා ගැනීමේ පහසුකම් ලැබෙන අතර, 2020 වන විට මෙම නිවාස යෝජනා ක්‍රමයේ සියළු වැඩ අවසන් කිරීමට නියමිතය.
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මෙවැනි නිවාස ව්‍යාපෘති ඉදිරියේදී ආරම්භ කිරීමට සැළසුම් කොට ඇති අතර, මහනුවර ඉදි වන්නේ තුන්වැනි නිල සෙවන ව්‍යාපෘතියයි.
DMU/Kandy