රුපියල් මිලියන හතලිහක් වටිනා ගලි බවුසර් බෙදා දීමේ උත්සවයේදී නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව අනාවරණය කළේය.
මුලතිව්, කිලිනොච්චි, මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල පිහිටා ඇති මුලතිව් ප්‍රාදේශීය සභාව, කරච්චි ප්‍රාදේශීය සභාව, මොණරාගල ප්‍රාදේශීය සභාව, තලවකැළේ නගර සභාව යන පළාත් පාලන ආයතන සඳහා මළාපවාහන කිරීමට භාවිතා කරන ගලි බවුසර් හතරක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය, රවුෆ් හකීම් මහතා විසින් ප්‍රදානය කරන ලදි.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ පානීය ජල සැපයීම හා සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මගින්, මළා පවාහන පද්ධති ඇති කිරීම යනාදි කටයුතු සඳහා ලෝක බැංකු ආධාරයෙන් දිස්ත්‍රික්ක හතක ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක කෙරේ.
මළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමෙන් භූගත ජලය පිරිසිදුව තබා ගැනීමට හැකිවන අතර එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ සනීපාරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමටද උපකාරීවේ.
මෙහිදි මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ගංවතුර තත්වය බැස යාමෙන් පසුව හානියට පත් ප්‍රදේශවල පානීය ජල ළිං සහ අනෙකුත් ජල මූලාශ්‍රයන් පිරිසිදු කිරීම සඳහා අප අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ජල සම්පාදන මණ්ඩලය යටතේ ක්‍රියාකරන කාර්ය සාධක බලකාය මගින් කටයුතු සූදානම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.