නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර සූදානම නිසා හානිය අවම කර ගැනීමට හැකි වුණා - මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති

    මැයි 24, 2018

    පසුගිය වසරේ ගංවතුර හේතුවෙන් මාර්ග පද්ධතියට , පාලම්වලට කදු කඩා වැටීම් , නායයෑම් හේතුවෙන් දරුණු ලෙස හානි සිදුවුද එහිදී ලබා ගත් අත්දැකීම් මත පෙර සූදානම් වීම නිසා හානි කර තත්ත්වයන් අවම කරගන්ට හැකි වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසීය.

    මේ දිනවල රට පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් විනාශයට පත් වූ මාර්ග, පාලම් සඳහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති ක‍්‍රියා මාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා බත්තරමුල්ලේ පිහිටි මාහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    විශේෂයෙන් දින 2ක් අතුලත හානිවූවන්ට මාර්ග පිළිසකර කර  යථාතත්ත්වයට පත් කළ බවත් ගිය වසරට වඩා කදු කඩා වැටීම් අවම තත්ත්වයකට ගෙන ඒමට හැකි වූ බවත්  සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    අධිවේගි මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු සිදු වුවද ගංවතුරට ඉන් බලපෑමක් සිදු වී නොමැති බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේදී අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී සමස්තයනේ 20 %ක්  කණු මත ඉදිකරන බව ද සඳහන් කළේය.

    වර්තමාන මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත සිදුවන හානි වෙනුවෙන් පළාතකට රුපියල් මිලියන 5 බැගින් පළාත් 9 යටම මුදල් වෙන් කිරීමට මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත් කටයුතු කර තිබෙන බව සභාපතිවරයා සඳහන් කළේය.

    මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී.දිසානායක  , මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්  රෝහිත ස්වර්ණ , මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ.අමරවීර සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වී. මෝහන් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya