නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලාභහානි වූ නිවාස වෙත වන්දි ලබා දීම කඩිනමින් - නිවාස පිරිසිදු කර ගැනීමට රුපියල් 10000 ක්

    මැයි 24, 2018
    ආපදා තත්ත්වය හමුවේ වෘත්තීන්වල නිරතව සිටියදී කිසියම් අනතුරකට ලක්ව මිය ගිය අය වෙනුවෙන් අනිවාර්යෙන්ම රුපියල් ලක්‍ෂ 10 ක වන්දියක් හිමිවන බව වාර්මාරග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. එය කිසියම් වෘත්තියක නිරිතව සිටියදී මිය ගිය අය වෙනුවෙන් පමණක් වලංගු වන බවද අමත්‍යවරයා පැවැසීය. 
      එමෙන්ම ගංවතුරට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් එක් නිවසක් වෙත රුපියල් 10000 ක්ද ලබා දීමට සැලසුම් කර තිබේ. ආපදා කළමනාකරණය හා පශ්චාත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ  ඊයේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී විශේෂ අවදානයක් යොමු කෙරුණේ තවදුරටත් ඇති විය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීම හා පශ්චාත් ආපදා කළමනාකරණය පිළිබඳයි.
     
    වැසි, ගංවතුර, නායයාම් ඇතුළු අනතුරුවලින් හානියට පත් නිවාස සඳහා වන්දි ලබා දීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවදානය යොමු කෙරිණ. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ අදාල හානි පිළිබඳ තක්‍ෂේරු කිරීමේ කටයුතු කඩිනම් කර වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි. එමෙන්ම ළිං පිරිසිදු කිරීම අනෙක් කාරණයයි. ඒ වෙනුවෙන් යුද හමුදාව ඇතුළු ආපදා සහන බලඇනි සූදානම් කර ඇති බවද ඔහු පැවසීය. 
     
    වෛද්‍ය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳ  මෙහිදී පුළුල්ව සාකච්ඡා කෙරිණ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැවසුවේ සුරක්‍ෂිතතා කඳවුරුවල රදවා සිටින සෑම අයෙක්ම විශේෂ වෛද්‍ය පරීක්‍ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි. එම වැඩපිළීවෙල තවත් පුළුල් කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රෝහල් හා අනෙකුත් අංශ ඒකාබද්ධ කරමින් සෞඛ්‍ය පරීක්‍ෂාවන් ඉහළ දැමීමටද පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා පැවසුවේ සෑම ජීවිතයක්ම රටට වටිනා බවයි. ඒ බව සිහි තබා ගනිමින් සියළු වඩකටයුතු සම්පාදනය කර ඇති බවත්, ඒ කෙරෙහි නිසි සැලකිල්ල දැක්වීම ජනතාවගේද වගකීමක් වන බවයි.
     
    දැනුවත්ව හෝ නොදැනුවත්ව ගංවතුරට බැස ඇත්නම් ඒ සෑම අයෙකුම නිසි වෛද්‍ය  පරීක්‍ෂාවක් වෙත යොමු වීම ඉතා වැදගත් බවද රංගේ බණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දෙයි. මී උන වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පැවැතීම මීට හේතුව බවද ඔහු පැවසීය. කඳවුරු ගත ජනතාව වෙනුවෙන් සනීපාරක්‍ෂක තුවායේ සිට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දීමට ද පියවර ගෙන ඇතැයිද ඔහු කියා සිටියේය. එමෙන්ම අවශ්‍යතා කඩිනමින් ලබා දීම සඳහා දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත රුපියල් මිලියන 10 බැගින් ලබා දීමටද පියවර ගෙන තිබේ.
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැහැදිලි කළ තවත් කාරණයක් වන්නේ ගංවතුර සමග විනෝද වීමට යන පුද්ගලයින් බේරා ගැනීමටද ආපදා අංශවලට සිදුව ඇති බවයි. මෙය කණගාටුදායක තත්ත්වයක් බවද ගංවතුර යනු අනතුරක් බව අවබෝධ කර ගැනීම ජනතාවගේ වගකීමක් බවත් ඔහු පැහැදිලි කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya