අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහන බස් රථ සේවා සඳහා ලබාදෙන සහනාධාර වැඩි කරයි

    මැයි 23, 2018
    සිසු සැරිය, ගැමි සැරිය හා නිසි සැරිය මගී බස් රථ සේවා සඳහා රජය විසින් ලබාදෙන සහනාධාර මුදල වැඩිකිරීම සඳහා රජය විසින් ලබාදෙන සහනාධාර මුදල වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 
     
    පාසල් ළමයින් සඳහා සහ විශ්වවිද්‍යාල, කාර්මික ආයතනවල හා ඒ හා සමාන වෙනත් ආයතනවල සිසුන් සඳහා අනුග්‍රාහක ගාස්තු මත බස් රථ මගී ප්‍රවාහන සේවා සැලසීමත්, ලාභ නොලබන ග්‍රාමීය මාර්ගවල ජීවත්වන ජනතාවට බස් රථ සේවා සැලසීමවත් පිළිවෙළින් සිසු සැරිය හා ගැමි සැරිය ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. එමෙන්ම රාත්‍රී අවසන් ගමන් වාරයේ සහ අලුයම ප්‍රථම ගමන්වාරයේ විශ්වාසනීය බව තහවුරු කිරිම සඳහා නිසි සැරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම මගී ප්‍රවාහන සේවාවන් තවදුරටත් දිරිගැන්වීම සඳහාත්, මේ සඳහා වැයවන පිරිවැය සැලකිල්ලට ගෙන එම මගී බස් රථ සේවාවන් සඳහා රජය විසින් ලබාදෙන සහනාධාර පිරිවැය ඉහළ නැංවිය යුතු බවට ද රජය තීරණය කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya