අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ලයින් 27621 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 194ක රඳවා තබයි- ආපද කළමනාකරණ මධ්‍යස්ථානය

    මැයි 23, 2018

    පුද්ලයින් 27621 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 194ක තාවකාලිකව රඳවා තිබෙන බව ආපද කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙසේ පැවසී ය.

    දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී. අද රාත්‍රිය වන විට වර්ෂා තත්ත්වයේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙනවා. කැලණි ගඟේ සහ කළු ගඟේ පහළ ප්‍රදේශත් රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකත් ජල ගැලීම් තත්ත්වය තවමත් වාර්තා වෙනවා. නිල්වලා ගඟ සහ අත්තනගලු ඔයේ ගංවතුර තත්ත්වය පවතිනවා. මේ පිළිබඳව ජනතාව විමසිලිමත් වන්න. ගඟ අසළ රැදී නොසිටින්න. ගංවතුර නැරඹීම හෝ දිය නෑම,පරිහරණය කිරීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස ඉල්ලා සිටිනවා.

    පුද්ලයින් 27621 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 194ක තාවකාලිකව රඳවා තිබෙනවා. පුද්ගලයින් 84943 දෙනෙකු දැනට පීඩාවට පත් වී ඇති බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya