අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කළ පවුල් සඳහා ස්ථීර නිවාස 40,000ක්

    මැයි 23, 2018

    උතුරු නැඟෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කරන ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා කොන්ක්‍රීට් පැනල තාක්ෂණය භාවිතා කරමින් එක් වර්ග අඩි 650 බැගින් වූ ස්ථීර නිවාස 40,000ක් වසර දෙකක කාල සීමාවක් තුළ ඉදිකිරීමට පියවර ගැනේ.

    මේ සඳහා නැවත පදිංචි කිරීම්,පුනරුත්ථාපන,උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව ඊයේ (22) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ
    දී අනුමත වී ඇත.


    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ ඇති කොන්ක්‍රීට් පැනල තාක්ෂණය යොදාගනිමින් ඉදිකරනු ලබන මෙම නිවාස සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ මෙන් ම දේශපාලන
    නියෝජිතයින්ගේ ද පිළිගැනීම හිමිව ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya