විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ දිනවල දකුණු පළාත ආශ්‍රිතව පවතින වෛරස් තත්ත්වය බොහෝ දුරට නිරෝගී පුද්ගලයින් වෙතින් සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, උණ වැනි රෝග ලක්ෂණවලින් යුතු බැවින් සෙසු ප්‍රදේශවල ජනතාවද එවැනි රෝගී තත්ත්වයන් හමුවේ වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඉල්ලා සිටින අතර ම අවුරුදු 2කට අඩු කුඩු දරුවන්, ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, අවුරුදු 65ට වැඩි පුද්ගලයින් මෙන් ම නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් සඳහා වැඩි සංකූලතා ඇතිවිය හැකි බැවින් එම පිරිස් රෝගීන්ගෙන් ඈත්කර තබාගන්නා ලෙසත් ඉල්ලයි.
ඉහත සඳහන් රෝගී තත්ත්වයන් පෙන්වන පුද්ගලයින් හැකිතරම් විවේක ගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරයා එවන් පුද්ගලයින් රැකියාවට නොයා දින කිහිපයක් නිවසේ විවේකීව ගත කරන ලෙසත් පෙන්වා දෙයි.
එමෙන් ම කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, උණ වැළඳුණු පාසල් හා පෙරපාසල් දරුවන් දින කිහිපයක් පාසල් නොයවා නිවසේ රඳවා තබා ගැනීම හරහා කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, උණ වැනි රෝග තත්ත්වයන් පැතිරීම වළක්වාගත හැකි බව වැඩිදුරටත් පෙන්වාදුනි.