වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06යෙහි ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයින් 5000ක් පමණ යොදවා ඇතැයි ද පුද්ගලයින් 6000ක් පමණ ආරක්ෂික ස්ථාන 80ක රඳවා ඇතැයි ද පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මරණයට පත්ව ඇතැයි ද පැවසීය.
ක්ෂණික දුරකථන අංක 117 අමතා ආපදා තත්ත්වයන් පිළිබඳ ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් පසුගිය දින කිහිපය තුළ ඇමැතුම් 4000ක් පමණ ලැබුණු අතර එම සියලු ගැටලු එම අවස්ථාවන්හිදිම විසඳීමට කටයුතු කළ බවත් මීට අමතර ව හදිසි මෙහෙයුම් මැදිරියට 0112 136 136, 0779 117 117, 0702 117 117 ඇමතීමෙන් ම ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.