මේ අතර ගස් කඩා වැටීමේ අනතුරුවලට ලක්වීමෙන් මොණරාගල ප‍්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියක හා අනුරාධපුර ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්‍සයට පත්ව තිබේ. කෑගල්ල බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින්ද පුද්ගලයෙකු ජීවිතක්‍සයට පත්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පුත්තලම ප‍්‍රදේශයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයන් නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවකට එක්ව සිටන අතරතුර පාලිත රංගේ බණ්ඩාර මහතා මෙම තොරතුරු හෙළි කළේය. ගංවතුර තත්ත්වයන් හා වැව් පිටාර ගැලීමේ තත්ත්වයන් හේතුවෙන් පුත්තලම දිස්ති‍්‍රක්කයේ පවුල් 75 ක් මේ වන විට ආරක්‍ෂික ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. විපතට පත්වූ සියළු පවුල් වෙත කඩිනමින් සහන ලබා දීමට පියවර ගන්නා බවද ඔහු පැවැසීය.
මේ අතර ජාතික ආපදා කළමනාකරණ අමාත්‍යංශය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමග දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වෙමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා උපදෙස් ලබා දුන්නේ, දැනට හදුනාගෙන ඇති අවදානම් කලාපවලට හදිසි ආපදා සහන කණ්ඩායම් සූදානම් කර තබන ලෙසයි. කඩිනම් වැඩපිළිවෙලක් ලෙස සලකා එම කටයුතු සිදු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.