නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධිවර ජනතාවට සහන සැලසීමේදී කිසිදු පක්‍ෂ පාටක් බලන්නේ නැහැ

    මැයි 22, 2018

    කිසිදු පක්‍ෂ පාට බේදයකින් තොරව සමස්ත ධිවර ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමට නොපිරිහෙලා කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

    ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීමට අවශ්‍ය කටයුතු නිසිලෙස ඉටුකිරීමටත් දකුණු පළාතේ ධිවර ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේ බලය නව ධිවර අමාත්‍යතුමා විසින් තමන්ට ලබාදී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේ ය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධිවර ජනතාවගේ නිවාස ගැටළුවට සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ පවුල් 100 වෙනුවෙන් නිවාස සහ වැසිකිලි ආධාර බෙදාදීමේ උත්සවයට එක්වෙමින් දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය.

    හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉකුත් 18 දින මෙම උත්සවය පැවැත්විණ . එහිදී අදාළ නිවාස හා වැසිකිලි ආධාර හිමි ජනතාව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ අතින් ඔවුන්ට හිමි චෙක්පත් ලබාගත්හ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya