නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණමඩුව තරුණ මධ්‍යස්ථානයේ පාඨමාලා හැදෑරූ අභ්‍යාසලාභීන් සහතික ලබයි

    මැයි 22, 2018

    වටිනා කාලය නිකරුණේ නාස්ති වීමට ඉඩ නොදී එම කාලය තමාගෙත් රටේත් අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමට තරුණ පරපුර වග බලා ගත යුතු බව වාරිමාර්ග,ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    නිපුණ පුද්ගලයෙකු බවට පත්වීමට සෑම තරුණයෙකුම උනන්දු විය යුතු බවත් එවැනි අයෙකුට යම් යම් අය පසුපස යමින් සිගමන් යැදීමට සිදු නොවන බවත් ඔහු පැවසීය. ආණමඩුව හා හලාවත පිහිටි තරුණ මධ්‍යස්ථානවලදී විවිධ පාඨමාලා හැදෑරූ තරුණ නායක නායිකාවන් වෙත සහතික පත‍්‍ර පිරිනැමීම වෙනුවෙන් පසුගියදා ආණමඩුව සුදම්පාය ශාලාවේ පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පුත්තලම දිස්ති‍්‍රක්කයටම ඇත්තේ ප‍්‍රාදේශීය ලෙකම් කොට්ඨාශ 16 යි. ඉන් කොට්ඨාශ 09 ම අයිති වන්නේ ආණමඩුව මැතිවරණ කොට්ඨාශයටයි. එමෙන්ම ආණමඩුව තරුණ මධ්‍යස්ථානය වෙත පැමිණෙන තරුණ පිරිස වසරන් වසර වැඩි වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් ආණමඩුව තරුණ මධ්‍යස්ථානයේ පහසුකම් වැඩි කිරීමටත්, පාඨමාලා වැඩි කිරීමටත් පියවර ගත යුතු බවද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා වෙත යෝජනා  කළේ ය. එමෙන්ම ඉදිරි වසර දෙකක කාලය තුළ ආණමඩුව කාර්මාක විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පැවසීය.

    ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහතා ඇතුළු නිලධාරීන් මෙම සහතිකපත් ප‍්‍රදානෝත්සවයට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya