නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් 40,000ක වන්දියක් ලැබෙන කෘෂි රක්ෂණය ක්‍රියාත්මක කරනවා

    මැයි 21, 2018

    ගොවීන් සඳහා රජය මඟින් නොමිලේ ලබාදෙන කෘෂිරක්ෂණය පළමුවරට ක්‍රියාත්මක කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ අනුව වගා හානියකදී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් ගොවීන්ට වන්දි ලැබෙනු ඇත. මීට පෙර ගොවීන් රක්ෂණය කිරීමේ දී එක් ගොවියෙකුගෙන් රුපියල් 1350ක මුදලක් කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ලබාගත් නමුත් වර්තමාන ආණ්ඩුව විසින් එය අහෝසි කොට ගොවීන් නොමිලේ ම රක්ෂණය කරන බවත් ආණ්ඩුව මේ සඳහා රුපියල් මිලියන 5228ක් වැය කෙරෙන බවද අද (21) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා පැවසී ය.

    වී ගොවීන්ට පමණක් නොව බඩ ඉරිඟු ,සෝයා, අර්තාපල්, මිරිස්, මුං වගා කරන ගොවීන්ද මෙම වගා රක්ෂණ ක්‍රමයට ඇතුළත් කොට ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya