පසුගිය වගා කන්න කිහිපයක් තිස්සේ පැවැති නියගය නිසා මෙරට ආහාර බෝග වගාව සියයට 30කින් පමණ අඩු විය. නියං සහනාධාර වශයෙන් රජය ගොවි ජනතාවට රුපියල් මිලියන 38000ක් වැය කර තිබේ. එම නිසා ගොවි ජනතාව ආර්ථික ආගාධයෙන් ගලවා ගැනීම සදහා අපනයනය ඉළක්ක කරගත් බෝග වගාවට යොමුකළ යුතුය. එමෙන්ම නව තාක්ෂණය කෘෂිකර්මාන්තය තුළ භාවිතයට පියවර ගැනීම හා තරුණ පිරිස් කෘෂිකර්මාන්තයට යොමු කර ගැනීමේ ආකර්ශණීය වැඩ පිළිවෙලක් සැකසිය යුතුය. එමෙන්ම ගොවීන් වෙළෙදපොල ඉළක්ක කර ගනිමින් වගා කටයුතු කිරීම සදහා ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමේ වැඩ පිළිවෙළක් ද සැකසීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේය
ගන්නොරුව කෘෂි තොරතුරු තාක්ෂණික දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය. මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු පිරිසක් සහභාගි වුහ.