ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 330 ක් වන අතර මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 360 කි.
ඒ අනුව එදින පෙ.ව 10.15ට තෝපූර් - මුතූර් නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම, පෙ.ව. 10.45 ට මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම, මුතූර් - සේරුවිල - වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරි හමුව සහ නිලධාරීන් සඳහා රාජකාරි ගමන් මලු ප්‍රදානය සිදු කිරීමට කටයුතු යොදා ඇත.
පෙ.ව. 11.30ට කුට්ටිකරච්චි - කින්නියා නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම, ප.ව. 12.30ට කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම, කින්නියා - තඹලගමුව - ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරි හමුව සහ නිලධාරීන් සඳහා රාජකාරි ගමන් මලු ප්‍රදානය සිදු කිරිමට කටයුතු යොදා ඇත.
මෙයට සමගාමීව සේරුවිල විල්ගම් විහාරයේ ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් කිරීම ආරම්භ කිරීම මෙදින සිදු වෙයි.
මෙම අවස්ථාවන් සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු සහ හිටපු පළාත් සභා මැති ඇමැතිවරු සහභාගිවීමට නියමිතය.