ඒ අනුව රෝගීන්ටප්‍රතිකාර සිදු කිරීම සදහා හයිෆො ඔක්සිජන් (highflow oxygen)යන්ත්‍ර 10ක් ගාල්ල කරාපිටිය රෝහලට ලබාදී ඇති අතර, වෛද්‍යවරුන් ඉල්ලා සිටින සියලු පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
මෙම රෝගයටගොදුරුව අවුරුද්දකට අඩු දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිපදෙනෙකු මියගොස් ඇත. මේවන විට ගාල්ල කරාපිටිය, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන මූලික රෝහල්වල රෝගීන් 600 ක් පමණ ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකාර්යාලය සදහන් කරයි.
පසුගිය මාසයක කාලය තුල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල දරුවන් නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. එම දරුවන් තුල උණ සහ ස්වසනා බාධ ලක්ෂණ ද දක්නට ලැබුනි. රසායනාගාර පරීක්ෂණ අනුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් හේතුවෙන් මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන ඇත. පසුගිය වසර කිහිපය මැයි, ජුනි සහ ජූලි මාසවල ශ්‍රී ලංකාවේ වෛරස් ආශ්‍රිත රෝග ඉහළ යාමේ ලක්ෂණ දක්නට ඇත. සෞඛ්‍ය බලධාරීන් පවතින තත්ත්වය අවම කර ගැනීම සදහා පියවර රැසක් ගෙන ඇත.
රෝගීන් කළමණාකරණය කිරීම සදහා අවශ්‍ය පහසුකම් ලබා දී ඇති අතර, පැතිරයාම වැළැක්වීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන පිරිස අවම කර ඇති අතර, ස්වසනාබාධ සහිත රෝගීන් වෙනස් ස්ථාන වල රදවා ප්‍රතිකාර කරනු ලබයි. දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මකය.පෞද්ගලික සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙසත්, මුඛය සහ නාසය වැසෙන පරිදි ආවරණයක් යොදාගෙන සිටින ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. දෙඅත් සබන් යොදා පිරිසිදුව තබා ගන්නා ලෙසත්, ජනාකීර්ණ ප්‍රදේශවල ගැවසීම අවම කරන ලෙසත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි. අවධානම් සහිත ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. රෝගී ලක්ෂණ පෙන්නුම් කරන දරුවෙකුපෙරපාසල්, පාසල් සහ උපකාරක පංති වලට සහභාගි කරවීමෙන් වැළැකෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.වයස අවුරුදු 02 අඩු දරුවන්, ගර්භනී මාතාවන්, කිරිදෙන මව්වරුන්, ස්වසනාබාධ සහිත පුද්ගලයින්,වැඩිහිටියන් ඉහළ අවධානම් සහිත කොට්ඨාසය ලෙස හදුනාගෙන ඇත.
ITN