නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    මැයි 20, 2018

    නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත  කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලින් බර ස්වභාවය හෙට දිනයේදීත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද රාත්‍රී:

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.150 ක පමණ ඉතා තද  වැසි ඇති විය හැක. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැක.

    හෙට

    බස්නාහිර,දකුණු,සබරගමුව, මධ්‍යමසහවයඹපළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.150 ක පමණ ඉතා තද  වැසි ඇති විය හැක. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන  අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව  කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya