නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපාදා තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ් සඳහා සූදානම්ව සිටින්න

    මැයි 20, 2018

    නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීමෙන් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවෙමින් තිබිය දී බෙංගාල බොක්කේ අව පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේ දී ආපාදා තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ් සඳහා සූදානම්ව සිටින්න යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දිසාපතිවරුන්  උපදෙස් ලබා දී තිබේ.

    දිසාපති සමුළුව කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැත්වෙන බැවින් සියලු දිසාපතිවරු ඒ් සඳහා සහභාගී වී සිටියහ.

    අමාත්‍යවරයා ඒහි දී කියා සිටියේ රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, ගම්පහ, මහනුවර, පුත්තලම හබදුල්ල දිස්ත්‍රික්කයන් හි ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බවයි. නිසි පරිදි වැසි ජලය බැස නොයාමෙන් මාර්ග යටවීම, ගංවතුර ගැලීම, පස්කඳු කඩාවැටීම්, නායයෑම් හා අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් මේ පිළිබඳ තම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසත් ජල ගැලීම්වල දී ඊට කොටුවන පුද්ගලයන් බේරාගැනීම සඳහා බෝට්ටු සූදානම් කරගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

    අමාත්‍යවරයා දිසාපතිවරුන්ට මෙසේ ද කීවේය.
    අපිට ස්වභාවික ආපදා නවත්වන්න හැකියාවක් නැහැ. ඒයට අනිවාර්යයෙන් ම මුහුණ දිය යුතුයි. අවශ්‍ය වන්නේ ජීවිත හානිවීම වළක්වා ගැනීම හා දේපළ හානි අවම කරගැනීම. මේ සඳහා ගත හැකි සියලුම පියවර ගන්න අවශ්‍ය වෙනවා. ඒ් වගේම සියලුම ක්ෂ්ත්‍ර නිලධාරීන් ඇතුළු ආපදා අවස්ථාවල දී ක්‍රියාත්මක විය යුතු නිලධාරීන් ද මේ ගැන දැනුම්වත් කර තබන්න යැයි ද අමාත්‍යවරයා පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya