නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල් වෙත ගුරු සහයකවරුන් 92 ක් බඳවා ගැනේ

    මැයි 20, 2018

    අවස්ථාවන් පැමිණෙන තුරු බලා නොසිට, උපක්‍රමශීලීව, සියලු බාධක මඟහරවා ගනිමින් අවස්ථාවන් උදාකරගෙන රටේ අධ්‍යාපනය දියුණු කිරීමට මෙන්ම රට සංවර්ධනය කිරීම සඳහා ද වත්මන් රජය ක්‍රියාකරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්වලට ගුරු සහයකවරුන් බඳවා ගැනීම නිමිත්තෙන්බ,ත්තරමුල්ල අපේගම පරිශ්‍ර‍යේ දී පැවති උත්සවයකට එක්වෙමිනි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ, වතුකරයේ දරුවන් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් රටේ ශ්‍රම බලකාය සඳහා සක්‍රීයව දායක වී අනාගත ලෝකය ජයගත හැකි පරපුරක් බවට පත්විය යුතු බවයි. එමෙන්ම, පසුගිය කාලවකවානු තුළ දී වතුකරයේ අධ්‍යාපනයේ ඇති වී තිබෙන කඩාවැටීම් මගහරවා ගෙන අධ්‍යාපනය දියුණු කිරීම තුළ ඉදිරියේ දී ගුරු ව්‍යවස්ථාවට අනුව ගුණාත්මක මට්ටමින් තව තවත් පරිපූර්ණ වූ ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාව පවතින බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.

    වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල් වෙත අලුතින් බඳවා ගනු ලැබූ ගුරු සහයකවරුන් 92 ක් සඳහා මෙම උත්සවයේ දී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya