නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජනහමුව මාතර දී සාර්ථකව පැවැත්වෙයි

    මැයි 19, 2018
    අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය මගින් පවත්වන ලද දෙවන ජනහමුව එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
     
    එහි දී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසුවේ, දකුණේ අතුරුදහන් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කරගැනීමේ දී තහවුරු වූයේ අතුරුදහන්වීම් හා අතුරුදහන් කිරීම් උතුරු නැගෙනහිරට පමණක්සීමාවූවක් නොව රටේ අනෙකුත් ප්‍රදේශවලට ද පොදු වූවක් බවයි. අතුරුදහන් වූ තම ඥාතීන්ට සිදු වූ දේ පිළිබඳවත්, එම පවුල්වල සාමාජිකයින්ගේ ජීවත්වීම පිළිබඳවත් අප කාර්යාලය මගින් විවිධ නිර්දේශ රජයට ඉදිරිපත් කරයි කියා අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් බලාපොරොත්තු  වන බවය.
     
    අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරණ අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පනත යටතේ නීතිගත කර ඇති ස්ථිර කාර්යාලයකි. දිවයින පුරා සිදුකෙරුණු පුළුල් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව රජය විසින් ගොඩ නගන ලද දේශීය සංහිඳියා යාන්ත්‍රණයක් ලෙස මේ කාර්යාලය සැළකෙයි.
     
    මෙම ජන හමුවේදී අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්, අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන සහ ජනමාධ්‍ය නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පවත්වන ලදි.
     
    මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතා, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන් වන මිරාක් රහීම්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මේජර් ජනරාල් මොහාන්ති පීරිස්, නීතිඥ එස්.කේ. ලියනගේ, කනපති පිල්ලේ බෙන්දන්, ජෙයදීපා පුණ්‍යමූර්ති ඇතුළු අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් 150 ට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
     
    athuru 4
     
    DMU/Matara 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya