නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා රාජකාරි අරඹයි

    මැයි 17, 2018

    ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ ආරිය බී.රැකව මහතා අද(17) උදෑසන ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී  සිය රාජකාරි ආරම්භ කළේ ය.

    ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්ද වන ආරිය බී. රැකව මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙක්, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙක්, කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙක් සහ පිලිපීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් මෙන්ම ජනාධිපති නීතීඥවරයෙක්ද වේ.

    මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු.රත්නායක, ඌව පළාත්සභා අමාත්‍ය උපාලි සමරවීර යන මහත්වරුන් සහ පළාත් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගී විය.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- බදුල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya