විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍යතුමන්, ආර්ථික කටයුතු සහ සම්බන්ධ අමාත්‍යවරුන් සහ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් වරුන් අතර පැවතී රජයේ ඉහළ පෙළේ සාකච්ඡාවකදී මෙම නියෝගය ලබා දුන් බවය.
ඉතා කෙටි කාල සීමාවක් තුළ දේශපාලන පලිගැනීම්වලට ලක්ව විසඳුම් ලැබී නොමැති පිරිස් පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඒ ඒ අමාත්‍යංශවල ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම විසඳුම් ක්‍රියාත්මක වියයුතු බවට මෙම සාකච්ඡාවේදී නියෝග කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එමෙන්ම මෙම වැඩපිළිවෙල පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් සහ ප්‍රගති සමාලෝචනයක් කිරීමටද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.