අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස් වර්ජනයට ලංගම මුහුණ දීමට සූදානම් - රියදුරු කොන්දොස්තර නිවාඩු අවලංගුයි

    මැයි 16, 2018

    කිසියම් ආකාරයෙන් බස් වර්ජනයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා  ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පවසී ය.

    මේ වනවිට සියලුම බස්රථ රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ප්‍රාදේශීය කාර්යාලවලට දන්වා ඇතැයි ද සභාපතිවරයා පැවසී ය.

    දෛනික මඟී කාලසටහන අනුව නොව මඟි අවශ්‍යතාවය අනුව බස් රථ ධාවනයට එක් කරන ලෙස ද අදාළ අංශ වෙත මේ වනවිට උපදෙස් ලබාදී ඇතැයි ද රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ ය.

    ඉන්ධන මිල වැඩීවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල  සංදේශයක් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරි පත් වූ අතර  බස් ගාස්තුව 6.56%කින් සංශෝධනය කිරීමට
    අනුමැතිය හිමි විය. මෙම වැඩි වීම ප්‍රමාණවත් නොවන බව බස් සංගම් ප්‍රකාශ කර ඇති අතර බස් සංගම් විසින් වර්ජනයක් ද ක්‍රියාත්මක කරන බව මේ වනවිට මාධ්‍ය මඟින් ප්‍රකාශ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya